Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2023 11:06:13 Hours

ගජබා රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනය වෙනුවෙන් ‘උපායශීලීව මාධ්‍ය භාවිතය’ පිළිබඳ දේශණයක්

ගජබා රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘උපායශීලීව මාධ්‍ය භාවිතය’ යන මැයෙන් හරවත් දේශනයක් ඉකුත් මාර්තු මස 26 වන දින පවත්වන ලදී.

එහිදී, එතුමන් වර්ථමානයේ සමාජ මාධ්‍ය තුළ මාධ්‍යයේ හැසිරීම්, සංවිධානය තුල මාධ්‍යය හැසිරවීම සහ සංස්කෘතිකමය බලපෑම, සංවිධානයේ ඒකාබද්ධතාවයට මාධ්‍යයෙහි ධනාත්මක බලපෑම හා සෘනාත්මක බලපෑමේ ප්‍රතිරෝධක යන කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

පුහුණු දින දේශනය සඳහා ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.