2023-05-22 16:20:03
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 44’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින පැවැත්විණි.
2023-05-22 16:05:03
අම්පාර සටන් පුහුණු පාසලේදී සෙසුනිලයන් 167 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 65’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින පැවැත්විණි.
2023-05-17 20:57:42
යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පැවති ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - අංක 15, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - අංක: 45 සහ සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව අංක - 128 හි විසිර යෑමේ පෙළපාලිය පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය සඳුදා (මැයි මස 08) දින පැවැත්විණි.
2023-05-17 06:33:11
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීන් සඳහා 2023 මැයි මස 9 දින සිට 13 දින දක්වා අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘දැනුම, ආකල්ප, යුතුකම් සහ වෘත්තීයභාවය’ පිළිබඳ දින පහක දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
2023-05-15 18:28:34
කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ II වන මට්ටමේ රෝහල් සඳහා වන පෙර පුහුණු පාඨමාලාව අවසන් කරන ලද හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (මැයි මස 12) දින එම පුහුණු ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2023-05-12 18:34:38
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් වෙත ‘භූමිකම්පා සහ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හම්බන්තොට සිංගප්පූරු - ශ්‍රී ලංකා මිත්‍රත්ව ශාලාවේදී පසුගිය බදාදා (10) දින, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එන්.එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත පැවැත්වීය.
2023-05-12 18:32:21
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 68 (2023-11) හි සමාප්ති උත්සවය පසුගිය බදාදා (10) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.කේ ලියනවඩුගේ ආර්එස්පී සහභාගී විය.
2023-05-12 18:06:53
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් වෙනුවෙන් දියතලාව ‘Torch’ සිනමා ශාලාවේදී ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය බදාදා (10) දින පවත්වන ලදී.
2023-05-12 17:57:39
අඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක ගේ උපදෙස් මත එම මූලස්ථානයේ සංවිධානයෙන් ‘මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය නිවාරණය ’ පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් සැසියක් පසුගිය බදාදා (10) දින දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
2023-05-11 19:00:47
යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය සහ මානසිකත්වය ඉහල නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී. ඒ. එම් පීරිස් විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව මනෝවිද්‍යාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (මැයි 4) දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේදී පවත්වන ලදීි.