2023-06-28 22:12:49
යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය මගින් මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා පවත්වන ලද නිලධාරීන්ගේ පුහුණු දිනය එම බලකායට අයත් නිලධාරීන් 75 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 23 (සිකුරාදා) දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2023-06-28 22:08:57
යුද්ධ හමුදා යුධ විද්‍යාලය පාඨමාලා හදාරන ශිෂ්‍ය නිලධාරීන්ට එම අධ්‍යයන කටයුතු වලින් පරිභාහිරව සිදුකරන ප්‍රධාන එළිමහන් ක්‍රියාකාරකමක් වන ‘Hash Run’ ධාවන තරඟය සෑම තෙමසකටම වරක් පවත්වනු ලබන අතර, මෙවරද එම තරඟය පසුගිය සෙනසුරාදා (24) දින පැවැත්වීය.
2023-06-27 22:13:51
බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ...
2023-06-27 21:54:37
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත් කිරීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් පුහුණු කරවීමේ පෙරපුහුණු පාඨමාලා අදියර බී - I (කාන්තා) දින 14 ක පුහුණු කාලසීමාවකින් අනතුරුව පසුගිය අඟහරුවාදා (27) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී සමාප්ත විය.
2023-06-26 21:44:38
12 ගජබා රෙජිමේන්තුව සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය ඉරිදා (ජුනි මස 18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ‘ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ ආගමික පසුබිම’ තේමාව ඔස්සේ පැවති හරවත් දේශනයක් සඳහා සහභාගී වූහ.
2023-06-24 18:33:39
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ජාතික වෘත්තීය පුහුණු ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 19 දෙනෙකු වෙනුවෙන් මාස 6 ක කාලසීමාවක් පුරාවට පැවති උසස් කළමණාකරන ඩිප්ලොමා පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (20) දින ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.
2023-06-24 18:29:31
ක්‍රීඩා කායික විද්‍යාව පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය බදාදා (ජූනි මස 21) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘ක්‍රීඩාව තුලදී සිදුවන අනතුරු වලින් වැළැක්වීම සහ කළමනාකරණය’ සහ ‘විවිධ ක්‍රීඩා සහ විද්‍යාත්මක පුහුණු ප්‍රවේශවල මානසික හැඩගැස්වීම’ තේමාව ඔස්සේ වැඩමුළු දෙකක් පැවැත්විණි.
2023-06-23 21:13:11
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට පැවති ඩ්‍රෝන ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව පසුගිය බදාදා (ජුනි මස 21) දින පානළුව ප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී අවසන් විය.
2023-06-23 20:45:16
වත්තල ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජූනි මස 14) දින ‘යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක් එම රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවති අතර එම දේශනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චමින්ද ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
2023-06-22 21:43:59
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජුනි මස 14) දින ‘විගණන දෝෂ අවම කිරීම’ මැයෙන් නිලධාරින් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී විසින් මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කරනු ලැබීය.