29th May 2023 09:28:20 Hours
රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලාවේ (CBRNe Course) පස්වන අධියර සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම සේනාංක මූලස්ථානයේදී පසුගිය 25 (බ්‍රහස්පතින්දා) දින පැවැත්විණි.
පාඨමාලාව මැයි 04 සිට මැයි 25 දක්වා පැවති අතර, ඒ සඳහා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයින් 65 දෙනෙකු සහභාගී වූහ. කාන්තා නිලධාරිනියන් 2 දෙනෙකු සහ සෙසුනිල කාන්තාවන් 15 දෙනෙකුද ඒ අතර විය. අද වන විට ඉංජිනේරු සේනාංකය විසින් මෙම පාඨමාලායේ පළමු ප්‍රතිචාර දක්වන්නන් ලෙස නිලධාරීන් 33 දෙනෙකු සහ සෙසු නිලයින් 197 දෙනෙකුද, පොදු ප්‍රතිචාර දක්වන්නන් ලෙස නිලධාරීන් 95 දෙනෙකු සහ සෙසු නිලයින් 602 දෙනෙකු ඉදිරිපත් කර ඇත.
පාඨමාලාවේ නිලධාරී අංශයේ පළමු ස්ථානය 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් පී.ජී.ඒ සමරවීර හිමිකර ගත් අතර, සෙසුනිල අංශයේ පළමු ස්ථානය 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.ජී.ජේ.එස් සේනාරත්න විසින් හිමිකර ගන්නා ලදී.
වර්ෂ 2022 නොවැම්බර් මාසයේදී මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූලිකත්වයෙන් පවතින ගෝලීය තත්ත්වය මත රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර පාඨමාලාව ආරම්භ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. එමගින් වර්තමාන ගෝලීය තත්ත්වය හමුවේ මෙරට ජාතික ආරක්‍ෂාවට බලපාන න්‍යෂ්ටික හෝ ඒ ආශ්‍රිත වෙනත් ඕනෑම තර්ජනයක් සඳහා භටපිරිස් සූදානම් කර ජාතික ආරක්‍ෂාව සහතික කිරීම ප්‍රධානම අරමුණ වෙයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ලබා දුන් උපදෙස් මත සෑම ආරක්‍ෂක සේනා මූලස්ථානයක් යටතේම ස්ථාපිත ඉංජිනේරු බලකායන් මගින් මෙම පාඨමාලාවට සාමාජිකයන් තෝරා ගන්නා ලදී.
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උත්සව අවස්ථාවේදී පාඨමාලාව සඳහා සහභාගී වූ පිරිස අමතමින්, මෙම පාඨමාලාව හදාරනු ලැබූ අයවලුන්ගේ වගකීම් අවධාරණය කළේය. තවද, වර්ථමානයේ රසායනික සහ න්‍යෂ්ටික තර්ජන බොහොමයක් ඇති පරිසරයක මෙම පුහුණුව අඛණ්ඩව පවත්වා ගෙන යාම, රාජකාරියේ යෙදී සිටියදී පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද වැඩි දුරටත් අවධාරනය කළේය.
පාඨමාලාව සඳහා සහභාගිවන්නන්ට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථා රාශියක් මෙම පාඨමාලාව මගින් ලබාදී ඇත. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC), ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB), සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බියගම ආයෝජන මණ්ඩලයේ (BOI) ගැමා මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සංවිධානය කර තිබෙන ක්‍ෂෙත්‍ර චාරිකා ඒ අතර වේ.