2023-07-11 20:14:30
ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රථම ‘Exercise Falcon Strike I - 22/23’ යුද අභ්‍යාසය 2023 ජුනි මස 22 දින ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආධාරක ඒකක පුහුණු ශාඛාව, ඉන්දුනීසියානු හමුදා ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භඨ කණ්ඩායම, ටැන්සානියානු හමුදා ඒකකය, එක්සත් ජාතීන්ගේ අතුරු බලකා රෝහල සහ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ආරක්ෂක අංශයේ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
2023-07-11 00:02:01
බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන්හි එක් කොටසක් වශයෙන් පසුගිය සඳුදා (ජූලි මස 10) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශාඛා සහ අධ්යක්ෂ මණ්ඩලයන්හි රාජකාරි සම්බන්ධයෙන් මූලික දැනුම ලබාගත්හ. ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 08 සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරය සඳහා යුධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක බ්‍රිගේඩියර් එස්.පී. වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.
2023-07-08 21:11:01
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ භටපිරිස් සඳහා ‘නොයා යුතු තැන්’ (අවසර නැති ස්ථාන) යන තේමාව යටතේ අධ්‍යාපන සැසියක් සංවිධානය කරන ලදී. මෙම සැසිය තුළින් සිරගත කළහොත් තමාට අත්විඳිය යුතු තීරණාත්මක හා කටුක ජීවිත අද්දැකීම් පිළිබඳ සහ යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන උපදෙස් ලබාදෙමින් සිසුන් දැනුවත් කරන ලදී.
2023-07-08 21:01:42
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරී පුහුණු දිනය ඉකුත් සඳුදා (ජූනි 26) දින කොළඹ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
2023-07-06 21:38:33
පරිගණක මෘදුකාංග පාඨමාලාව, භූමි අලංකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව, පරිගණක යෙදුම් සහකාර පාඨමාලා, ඇලුමිනියම් පිළිසකර කිරීමේ පාඨමාලාව, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් අළුත්වැඩියා කිරීමේ පාඨමාලාව වැනි මාස 6ක් පුරා පැවැත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතිකපත් පිරිනැමිමේ උත්සවය ජූනි මස 28 දින රණවිරු සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-07-05 20:16:58
බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 25 දෙනෙකු සඳහා පසුගිය සෙනසුරාදා (ජූලි 1) දින ‘ඵලදායි ලෙස මාධ්‍ය හැසිරවීම’ පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් මෙහෙයවන ලදී.
2023-07-04 19:48:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් 2023 වසරේ දෙවන කාර්තුව සඳහා සංවිධානය කරන ලද එම බලකායේ නිලධාරිනී පුහුණු දිනය පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන මූලස්ථානයේදී යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (ජුනි මස 28) දින පැවැත්වූහ.
2023-07-02 21:36:02
අම්පාර සටන් පුහුණු පාසල මගින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 66’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින පැවැත්විණි.
2023-07-02 21:32:47
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ පවත්වන ලද ‘Diners’ Club’ සැසිය අතරතුරදී නිලධාරීන් වෙනුවෙන් ‘Keeping Healthy Life Balance’ යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය අඟහරුවාදා (ජුනි 27) දින වව්නියාව,කොක්එළිය ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංකයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
2023-06-30 21:47:38
යුද්ධ හමුදාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය මැඩපැවැත්වීමේ ක්‍රියාකාරී ප්රයත්නයක් ලෙස, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාව විසින් යාපනය ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන භටපිරිස් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් 55 පාබල සේනාංක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය බදාදා (28) දින සංවිධානය කරනු ලැබීය.