26th May 2023 11:06:11 Hours
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි මස 26 දින පවත්වන ලදී.
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී අර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පුහුණු දිනය ආරම්භ විය. ඒ සඳහා දේශන, ක්‍රීඩා වැඩසටහන් ඇතුලත් වූ අතර, ඩයිනර්ස් ක්ලබ් වැඩසටහනකින් පසු පුහුණු වැඩසටහන අවසන් විය.
පුහුණු සැසිය වෙනුවෙන් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මේජර් ඩී.පී.එස්.එස් කරුණාරත්න පීඑස්සී සහ මේජර් එල්.ඩබ්ලිව්.ඒ.එම්.සී.පී ලංසක්කාර පීඑස්සී විසින් ‘උපායශීලීව මාධ්‍ය භාවිතය’, ‘යුධ ශක්තිය හා අවි ආයුධ’ සහ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කළමනාකරණ පද්ධතිය’ යන මාතෘකා යටතේ පිළිවෙලින් දේශන පවත්වන ලදී.
පුහුණු සැසිය අවසානයේ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල විසින් ඩයිනර්ස් ක්ලබ් සැසිය අතරතුර ‘Risk vs Uncertainty, Self Management and System Thinking for Present Scenario’ during the Diners’යන මැයෙන් දේශනයක් ද පවත්වන ලදී.