2023-04-15 19:29:24
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නියෝජිත කණ්ඩායමක් විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් 65 දෙනෙකු සඳහා ‘පුද්ගල ධාරිතා වර්ධනය, නායකත්වය හා කළමණාරන කුසලතා වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ තෙදින වැඩමුළුවක් අප්‍රේල් මස 05 දින සිට 07 දින දක්වා දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.
2023-04-15 07:50:10
අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ඉගැන්වීමේ ක්‍රම වේදය පාඨමාලා අංක - 64 හි සහතිකපත්‍ර ප්රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) දින පැවැත්විණි.
2023-04-12 06:19:07
ඉන්දියාවේ ධනා හි ‘කොමිෂන් නොලත් නිලධාරී විද්‍යපීඨය’ (NCO Academy’) මගින් පවතවන ලද ‘කණිෂ්ඨ සංග්‍රාමික නායකත්ව’ පාඨමාලා අංක - 50 (Junior Combat Leadership), 2023 ජනවාරි මස 23 සිට මාර්තු මස 26 දින දක්වා පවත්වනු ලැබිණි.
2023-04-12 06:15:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුගත් රත්නායකගේ ආරාධනයෙන් සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර විසින් විශේෂ ආරාධිත දේශනයක් පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.
2023-04-12 06:10:48
ඉන්දියාවේ බෙල්ගාම් කමාන්ඩෝ පුහුණු පාසලේ පවත්වන ලද කමාන්ඩෝ පාඨමාලා අංක - 334 හි ‘දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට’ හිමි සම්මානය 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ඊ.එම්.කේ.එල් ගුණරත්න හිමිකර ගත්තේය.
2023-04-09 20:01:19
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙත සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් වෙනුවෙන් ‘සයිබර් ආරක්ෂාව, පරිගණක ආරක්ෂාව සහ ලේඛන ආරක්ෂාව’ යන මාතෘකාවන් යටතේ දේශනයක් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (6) දින පවත්වනු ලැබීය.
2023-04-09 20:01:02
10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘හමුදා විනය, මත්ද්‍රව්‍ය භාවිතය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම’ පිළිබඳ දේශනයක් ඉකුත් සිකුරාදා (මාර්තු 31) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ ඩබ්ලිව් එච් එස් එරමුදුගොල්ල විසින් පවත්වන ලදී.
2023-04-09 19:50:49
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ගේ උපදෙස් සහ මගපෙන්වීම මත 2023 වසරේ පළමු කාර්තුවේ එම සේනාංකයේ නිලධාරීන්ගේ පුහුණු දිනය ඉකුත් සෙනසුරාදා (8) දින අක්කරෙයිපත්තුව 241 පාබල බලසේනා සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීය.
2023-04-09 19:40:49
ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ පුහුණු සටන් පාඨමාලා අංක - 33 හදාරනු ලැබූ ශිෂ්‍යයින් සඳහා සහතිකපත් සහ නිල ලාංඡන පැළදවීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (08) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය.
2023-04-07 21:36:48
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා අන්තර් ඒකක සරඹ සහ පියවර කෝදු තරඟාවලිය - 2023, ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන ප්රදානය කිරීමේ උත්සවය කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පියල් විජේසිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාර්තු 31 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විණි.