Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2023 20:02:54 Hours

යුද්ධ හමුදා ගිණුම්කරණ නිලධාරීන් සහ විගණන ලිපිකරුවන්ට මුදල් අමාත්‍යාංශයේ ප්‍රවීණතා දැනුම ලබාදීමේ පුහුණු වැඩමුළුවක්

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම ලබාගැනීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගිණුම්කරණ නිලධාරීන් සහ විගණන ලිපිකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි (මැයි 23 සහ 24) සංවිධානය කරන ලදී.

මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ චන්ද්‍රා කුලතිලක මහත්මිය ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් දෙදින වැඩමුළුව මෙහෙයවනු ලැබු අතර, ඒ සඳහා නිලධාරීන් 99 දෙනෙකු සහ සෙසුනිලයින් 217 දෙනෙකු සහභාගි වූහ.

අධ්‍යක්‍ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී ගේ සංකල්පයට අනුව මෙම වැඩමුළුව ආරම්භ කරන ලදී.

මෙම වැඩමුළුව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ කර්නල් ඩී උදයකුමාර ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

වැඩමුළුව අවසානයේදී අධ්‍යක්‍ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ විසින් එස්.ඒ චන්ද්‍රා කුලතිලක මහත්මිය යුද්ධ හමුදාව වෙනුවෙන් දක්වනු ලැබු දායකත්වය අගයමින් ඇය වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. දෙදින පුහුණු සැසිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.