2023-04-07 21:34:48
රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සහ කාර්යය මණ්ඩලය ඇතුළු 70 දෙනෙකු වෙනුවෙන් ‘කථනය හා ශ්‍රවණාබාධ’ සහ ‘මානසික සෞඛ්‍ය හා මානසික ආබාධ’ යන මාතෘකාවන් යටතේ හරවත් දේශනයන් දෙකක් මාර්තු මස 15 සහ 29 යන දෙදින තුළදී පැවැත්වීය.
2023-04-06 18:00:43
යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක ලබාදුන් මාර්ගෝපදේශ යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස්හි තොරතුරු තාක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය 7 වන රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ ‘පරිගණක නිපුණතා බලපත්‍ර පාඨමාලාව’ පසුගිය අඟහරුවාදා (04) දින සාර්ථකව අවසන් කරන ලදී.
2023-04-03 19:52:52
එක්සත් රාජධානියේ ‘School of Ceremonial’ පුහුණු පාසලේ වෘත්තීය සරඹ උපදේශකවරුන් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී මාර්තු මස 20 සිට 30 දින දක්වා පැවති ‘සරඹ උපදේශන සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව අවසන් විය. මෙම පාඨමාලාව සඳහා ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකවරුන් 48 දෙනෙකු සහභාගී වූහ.
2023-04-02 22:06:00
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 100’ හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023-04-01 19:25:56
ඉන්දියාවේ පැවති ‘Potential Subedar Major පාඨමාලා අංක - 154’ රචනා අංශය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II එන්.ජී.ඩී.සී. නාගහපිටිය එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේය.
2023-04-01 19:00:04
අම්පාර සටන් පුහුණු පාසලේදී 2023 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 21 දින දක්වා කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක 48’ හි සහතිකපත් ප්රදානෝත්සවය එම පුහුණු පාසල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023-03-28 00:02:53
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඒකාබද්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ‘සුනාමි පෙර සූදානම’ මැයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා 61 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි සහ 61 වන පාබල සේනාංකයේ සාමාජිකයින්ගේ සහයෝගය ලබාදුන්හ.
2023-03-27 23:41:56
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ මඟපෙන්වීම සහ 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි ගේ අධීක්ෂණය මත පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 500 දෙනෙකු වෙනුවෙන් ‘මත් උවදුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ ඉන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු මස 22 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-03-27 23:38:56
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ අධීක්ෂණය යටතේ පොම්පේමඩු බළඇණි පුහුණු පාසල මඟින් පවත්වනු ලැබූ විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 04 පසුගිය සඳුදා (27) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
2023-03-22 21:30:11
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ජනවාරි මස 21 දින යුද්ධ හමුදා සාමාජිකයන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබූ ‘ඛණ්ඩ අවි පාඨමාලා අංක - 20’ හි සහතිකපත් ප්රදානෝත්සවය මාර්තු මස 21 දින එම පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.