2023-05-10 16:54:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් වෙනුවෙන් පැවැත්වූ ‘නිපුණතා සංවර්ධන සහ නවෝත්පාදන’ පුහුණු වැඩසටහනේ අදියර - 03හි සහතිකපත් ප්රදානෝත්සවය 2023 අප්‍රේල් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
2023-05-09 21:19:14
රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලා අංක - 3 සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 49 දෙනෙකු සහභාගී වූ අතර පාඨමාලාව දින 14ක් පවත්වන ලදී. මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේදී 2023 මාර්තු 27 වැනි දින පැවැති උත්සවයකදී ඔවුන් විසිර ගියහ.
2023-05-08 22:13:54
කොළඹ යුද්ධ හමුදා රෝහලේ මනෝවිද්‍යා උපදේශක බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 25 දින සිට 27 දින දක්වා කාලය තුළ 54 පාබල සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයන් වෙනුවෙන් මනෝවිද්යාත්මන වැඩසටහනක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය.
2023-04-28 18:48:40
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය වෙතින් අප්‍රේල් මස 26 දින ‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීය.
2023-04-26 17:45:19
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහයෝගය මත අභ්‍යන්තර ආරක්ෂක විධිවිධාන සබැඳිව යුද්ධ හමුදා නිලධාරින්ගේ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය’ මැයෙන් අප්‍රේල් මස 24 සහ 25 දෙදින තුළ යුද්ධ හමුදා නිලධාරින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙදින වැඩමුළුවක් පැවැත්වීය.
2023-04-21 21:50:47
පුත්තලම ආධුනික පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 99 සාර්ථකව හැදැරූ ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය අප්‍රේල් මස 8 වන දින එම පුහුණු පාසල් සරඹ භූමියේදී පුත්තලම ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක, ලුතිනන් කර්නල් ජේ. ඩබ්ලිව්.එම්. එම්. බී ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2023-04-21 21:45:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ අප්‍රේල් මස ප්‍රථම පුහුණු දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී අප්‍රේල් මස 19 දින ‘මානසික ආතතිය කළමණාකරණය කරගැනීම’ මැයෙන් දේශනයක් පැවැත්විණි.
2023-04-20 20:55:13
ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 07, කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 26 සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක- 23 හි ප්‍රථම මාස තුනෙහි උපාධි ප්රදානෝත්සවය 2023 අප්‍රේල් මස 8 දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023-04-20 20:16:22
මින්නේරිය පාබල පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -96’ හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය බදාදා (අප්‍රේල් මස 19) දින පැවැත්විණි.
2023-04-19 21:05:14
ගැමුණු හේවා රෙජිමේන්තුවේ උතුරු ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරින් සඳහා නිලධාරි පුහුණු දින වැඩමුළුවක් 2023 මාර්තු 28 දින සිට 31 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යන කඳවුරුවල පැවැත්විණි.