2023-06-22 21:40:41
කල්‍යාණිපුර ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසලෙහි 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (20) දින පැවැත්විණී. පාඨමාලාව මැයි මස 02 දින සිට ජුනි මස 20 දින දක්වා පැවැත්වූ අතර, ඒ සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 301 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය පැවැත්වීය.
2023-06-20 20:58:01
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ විවිධ පැතිකඩයන් පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ අරමුණින් 2023 මැයි මස 16 දින සිට 18 දින දක්වා එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය’ පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
2023-06-18 16:32:13
ඇඹිලිපිටිය, තුන්කම යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ දී පැවති බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ 5 වන පාඨමාලාව (BIEDD) පසුගිය බ්‍රහස්පතින්දා (15) දින සාර්ථකව අවසන් විය. පාඨමාලාවේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පාඨමාලාව සාර්ථකව හැදෑරූවන් වෙනුවෙන් පාඨමාලා ලාංඡන පලඳවා සහතික පත් ප්රදානය කරනු ලැබීය.
2023-06-18 15:24:06
කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය උපදේශකවරුන් සඳහා වන ‘නිරෝගී හමුදාවක් -නිරෝගී දැයක්’ වැඩසටහනේ දෙවන අදියර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (14) දින පනාගොඩ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේදී ආරම්භ විය.
2023-06-17 20:46:29
යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති...
2023-06-16 21:11:38
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන මගින් නිලධාරීන් වෙනුවෙන් පෙබරවාරි මස...
2023-06-15 21:51:10
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී...
2023-06-12 18:50:36
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා මූලස්ථානය සහ...
2023-06-12 18:47:36
කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්වය සහ වෘත්තීය...
2023-06-10 17:41:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සතු සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ ස්ථාපිත සියලුම බලඇණි සඳහා ‘බලඇණි ඉදිරිපත් කිරීමේ’ වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය.