Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2023 16:30:03 Hours

විනයාරක්‍ෂක සෙබලුන් 93 දෙනෙකු විසිරයයි

ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේදී පැවති මූලික විනයාරක්‍ෂක පාඨමාලා අංක - 82 සාර්ථකව අවසන් කළ විනයාරක්‍ෂක සෙබලුන් 93 දෙනෙකු පසුගිය සෙනසුරාදා (මැයි මස 13) දින විසිර ගියහ. මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා නිලධාරීන්, සෙසුනිලයන් සහ ආධුනික සෙබලුන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.

මෙම විසිර යෑමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල්. ඉලංගකෝන් සහභාගී වුවේය‍.

එම පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සෙබලුන් වෙත මෙම උත්සවයේදී කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි.‍

මෙම පාඨමාලාවේ දක්‍ෂතම පෙළ අණදෙන්නා ලෙස දෙවන ලුතිනන් ඩබ්ලිව්.එම්.ජී.කේ. විජේසුන්දර තේරිපත් වූ අතර හොඳම ආධුනික සෙබලා ලෙස සාමාන්‍ය සෙබල එම්.ඒ.ඩී.ඩී. මුණසිංහ සම්මාන දිනාගත්තේය.