2023-05-23 18:04:40
‘ප්‍රවීන් අභියෝගතා කුසලාන’ එල්ලේ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින බංගදෙණිය, කරුක්කුලිය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම එහි ශූරතාවය දිනාගත්තේය...
2023-05-19 19:49:02
55 වන පාබල සේනාංකය වෙතින් මාස හයක කාල සීමාවක් පුරාවට යුද්ධ හමුදා පුහුණු සැසි පවත්වමින් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ හඳුන්වාදීමෙන් අනතුරුව යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි (නැගෙනහිර) කලාපයේ තලයඩි වෙරළ තීරයේදී මැයි මස 14 දින ප්‍රථම වරට වෙරළ වොලිබෝල් තරඟාවලියක් පැවැත්වීය. යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් විසින් පාසල් සහ ක්‍රීඩා සමාජ වෙත හඳුන්වාදුන් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව අංශ හතරකින් යුත් පුහුණු සැසිවලින් සමන්විත විය. ජාතික මට්ටමේ ක්‍රීඩා සමාජ තරඟවලට සහභාගී කරවීම සඳහා යාපනය අර්ධද්වීපයේ දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ අරමුණින් අන්තර් පාසල් වෙරළ වොලිබෝල් තරඟාවලියක් ද පැවැත්විණි.
2023-05-19 19:33:58
රත්නගිරිය වික්ටරි ක්‍රීඩා සමාජය වෙතින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන ‘මංගල නිශාන්ත’ අනුස්මරණ එල්ලේ තරඟාවලිය පසුගිය ඉරිදා (මැයි මස 14) දින මාදම්පේ දුම්මලසූරිය වික්ටරි ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්විණි.
2023-05-17 20:54:56
ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන මාලාවක් පසුගියදා පැවැත්වූහ. එහිදී යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතවල සිටින එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉහල නැංවීම සඳහා ඔවුන්ගේ චිත්ත ධෛර්යය සහ මනෝවිද්‍යාත්මක හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.
2023-04-28 18:42:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික සහ ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ අප්‍රේල් මස 19 සිට අප්‍රේල් මස 26 දින දක්වා පුහුණු සැසියකට සහභාගි වූ සංචාරක ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පුහුණු සැසිය සමාප්තියේ පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම සමඟ සුහද රග්බි තරඟයක් පැවැත්වූහ.
2023-04-27 18:05:11
තරුණයින්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීම සහ ආරක්‍ෂක අංශ හා සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයට අයත් 642 පාබල බලසේනාව වෙතින් අප්‍රේල් මස 06 සිට 11 දින දක්වා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සියලුම සිවිල් ක්‍රීඩා සමාජ අතර පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2023-04-20 21:00:13
ශ්‍රී ලංකාවේ සහ විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් දින පහක් පුරාවට පැවති ‘Super Knights International Chess Championship 2023’ චෙස් තරඟාවලිය අප්‍රේල් මස 5 දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරිණී.
2023-04-20 20:23:43
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Nuwara Eliya Lake Cross – 2023’ තරඟාවලිය යුද්ධ හමුදා ධාවකයින් ඇතුළු දිවයින පුරා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 14 සිට 16 දින දක්වා නුවරඑළිය ධාවන පථයේදී පැවැත්විණි.
2023-04-19 19:29:30
සන්නාහ සන්නද්ධ බලකායේ අන්තර් ඒකක රග්බි තරඟාවලිය 2023, අප්‍රේල් මස 11 වන දින රොක් හවුස් කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණ. අවසන් මහා තරඟයේදී 4 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් 5 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූහ.
2023-04-15 19:24:50
නුවරඑළිය ‘හිල් ක්ලයිම්බ්’ ධාවන පථයේ දී අප්‍රේල් මස 10 සිට 11 දින දක්වා පැවති ‘Single Tree Hill Climb -2023’ තරඟාවලියේදී දිවයිනේ නොයෙක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගී වූ මෝටර් රථ හා ධාවන පැදි තරඟකරුවන් රැසක් පරාජය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තරඟකරුවන්ට කුසලාන රැසක් දිනා ගැනීමට හැකි වූහ.