Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2023 20:54:56 Hours

ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දේශන මාලාවක්

ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන මාලාවක් පසුගියදා පැවැත්වූහ. එහිදී යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතවල සිටින එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉහල නැංවීම සඳහා ඔවුන්ගේ චිත්ත ධෛර්යය සහ මනෝවිද්‍යාත්මක හැකියාවන් ඉහළ නැංවීමට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.

දේශන මාලාව අප්‍රේල් මස 03 දින පවත්වන ලද අතර, ඒ සඳහා පිහිනුම්, බොක්සිං, ටයිකොන්ඩෝ, කඹ ඇදීම, මලල ක්‍රීඩා සහ කරාතේ යන ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ. ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ක්‍රීඩා මනෝ වෛද්‍ය කපිතන් එස්.රූපශ්‍රී විසින් මෙහෙයවන ලද මෙම දේශනයන් සඳහා ක්‍රීඩා කමිටු නියෝජිත නිලධාරීන්ද සහභාගී විය.