Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2023 19:33:58 Hours

‘මංගල නිශාන්ත’ අනුස්මරණ එල්ලේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

රත්නගිරිය වික්ටරි ක්‍රීඩා සමාජය වෙතින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන ‘මංගල නිශාන්ත’ අනුස්මරණ එල්ලේ තරඟාවලිය පසුගිය ඉරිදා (මැයි මස 14) දින මාදම්පේ දුම්මලසූරිය වික්ටරි ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්විණි.

තරඟාවලියේ ප්‍රථම වටයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම, බාඳුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම සහ ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම සම ජයක් ලබාගත්හ. කෙසේ නමුත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම තරඟයේ ස්වභාවය අනුව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්හ.

බාඳුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජය සහ ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරඟය සඳහා තේරී පත්වූ අතර, එහිදී බාඳුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජය පන්දු 25 කදී ලකුණු 05 ක් හිමිකරගත්හ. ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය පන්දු 11 කදී ලකුණු 06 ක් රැස්කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගන්නා ලදී.

අවසන් මහා තරඟයේදී යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම පන්දු 30 කදී ලකුණු 10 ක් රැස්කළ අතර ගනේමුල්ල වාසනා සමාජ එල්ලේ කණ්ඩායමට රැස්කරගැනීමට හැකිවූයේ පන්දු 24 කදී ලකුණු 03 ක් පමණි. තරඟාවලිය සමාප්තියේ ගණේමුල්ල වාසනා සමාජ එල්ලේ කණ්ඩායම පරාජයට පත්කරමින් 11 වන ‘මංගල නිශාන්ත’ අනුස්මරණ එල්ලේ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සමත්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායමේ දක්‍ෂ පිතිකරණය සහ පන්දු රැකීම තුලින් ප්‍රථම වටයේදී සහ අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදී කණ්ඩායම් අසීරුතාවයට පත්කිරීමට හැකියාව ලැබිණි.

තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා පහතින් දැක්වේ:

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා: සාමාන්‍ය සෙබල කේ.ඒ.ආර්.පී.කේ. පෙරේරා

තරඟාවලියේ දක්‍ෂතම පන්දු රකින්නා: සාමාන්‍ය සෙබල කේ.එච්. චතුරංග

තරඟාවලියේ දක්‍ෂතම ධාවකයා: සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එම්.එන්. සමීර