2023-02-17 21:36:35
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 48 වන වාර්ෂික සැතපුම් දෙකේ ජල පිහිනුම් තරඟාවලිය පසුගිය ඉරිදා (පෙබරවාරි 19) දින අම්බලන්ගොඩ වෙරළ තීරයේ දී පැවැත්වුණු අතර, එම තරගාවලිය සමාප්ත වූයේ යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සහ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාල කණ්ඩායම එම තරගාවලියේ සම ශූරයන් බවට පත් කරමිනි.
2023-02-17 21:20:40
රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාකයේදී පෙබරවාරි මස 16 දින පැවති ‘ආධුනික දියපන්දු ශූරතාවය - 2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දීපව්‍යාප්ත කණ්ඩායම් 15 ක් පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගනු ලැබීය.
2023-02-16 19:51:55
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම මස 7 වන දින සිට 10 වන දින දක්වා පැවැති 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරඟ ඉසව්වේ කාන්තා හා පිරිමි අංශ දෙකෙහිම සමස්ත ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
2023-02-15 18:39:32
යාපනය අර්ධද්වීපයේ, නැඟෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ තරුණියන් අතර වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (12) දින තලයිඩි වෙරළ තීරයේදී එම ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් වොලිබෝල් පුහුණු සැසියක් පවත්වන ලදී.
2023-02-13 20:00:25
2023 පෙබරවාරි මස 1 සිට 6 දින දක්වා තායිලන්තයේ ලක්තුප්ෆා (Luktupfah) නගරයේ මුයිතායි සහ මුයිබෝරාන් (Muaythai and Muayboran) පාසලේ පැවති ‘Somdet Pra Sanphet VIII’ (Tiger King) උත්සවය සඳහා මෙරට ප්‍රථම ජාතික මුයිතායි පුහුණුකරු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සටන් ක්‍රීඩාවේ ආරම්භකයා වන යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ උප සභාපති කර්නල් චමින්ද පෙරේරා සහභාගී විය.
2023-02-06 20:00:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව, මහා බ්‍රිතාන්‍යය ටයිකොන්ඩෝ ප්‍රවීණයන් සමඟ ඒකාබද්ධව මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩකයන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගිය අඟහරුවාදා (31) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-02-02 19:44:40
බලපිටිය වෙරළ තීරයේ ජනවාරි මස 29 වන දින පැවති ‘වාර්ෂික විවෘත ජල පිහිනුම් ශූරතාවලිය - 2023 කිලෝමීටර් 10 ඉසව්වෙහි’ සමස්ත ශූරතාව නැවත වරක් හිමිකර ගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
2023-02-02 18:35:24
2023-01-24 19:20:06
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ මූලිකත්වයෙන් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා උපදේශකවරුන්...
2023-01-18 18:30:47
ඒ.එස්.කේ (ASK) Media පුද්ගලික ආයතනයේ සභාපති එස්.එස් කුහනාදන් මහතාගේ ආරාධනයකට අනුව "දන් පුදියවිදියල්" (Dan Pudiyavidiyal) පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය...