Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2023 18:04:40 Hours

‘ප්‍රවීන් අභියෝගතා කුසලාන’ එල්ලේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

‘ප්‍රවීන් අභියෝගතා කුසලාන’ එල්ලේ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (මැයි මස 20) දින බංගදෙණිය, කරුක්කුලිය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම එහි ශූරතාවය දිනාගත්තේය. වෙන්නප්පුව බැසිලිකා ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට එරෙහිව ප්‍රථම ජය වාර්ථා කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා බංගගිරිය චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට එරෙහිව තරඟවැදිණි. තියුණු තරඟයකින් පසුව බංගගිරිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 16 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සමත් විය. අවසන් මහා තරඟයේ දක්‍ෂතම පිතිකරුවා සම්මානය කෝප්‍රල් එස්.ටී. ප්‍රියශාන්ත දිනාගත් අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.සී.සී. මධුසංඛ ට හිමිවිය. තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායමේ සාමාජිකයන් සුවිශේෂී දක්‍ෂතා දක්වමින් ‘ප්‍රවීන් අභියෝගතා කුසලාන’ එල්ලේ තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට කණ්ඩායමක් ලෙස කැපවීමෙන් ක්‍රීඩාකළහ.