19th April 2023 19:29:30 Hours
සන්නාහ සන්නද්ධ බලකායේ අන්තර් ඒකක රග්බි තරඟාවලිය 2023, අප්‍රේල් මස 11 වන දින රොක් හවුස් කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණ. අවසන් මහා තරඟයේදී 4 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් 5 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූහ.
අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී කාරියවසම් සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා සන්නාහ සන්නද්ධ බලසේනාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී සහභාගී විය. එහිදි අවසන් මහා තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින්ට සුභ පැතුම් එක්කළ එතුමන්ලා ජයග්‍රහණය කළ කණ්ඩායමට කුසලාන සහ සහතික පත් ප්‍රධානය කළේය.
අන්තර් ඒකක රග්බි තරඟාවලිය 2023, කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් 2023 අප්‍රේල් මස 10 දින ආරම්භ වූ අතර, සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම විසින් හිමිකර ගැනීමට සමත්වූ අතර, තෙවන ස්ථානය 1 සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.