2023-03-13 20:20:57
2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි මළල ක්‍රීඩා උළෙල -2023’ මාර්තු මස 04 සහ 05 දෙදින තුළ මහනුවර, දිගන ක්‍රීඩාපිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මළල ක්‍රීඩා උළලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සමඟින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී වූහ.
2023-03-13 18:30:02
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, සංවිධානය කරනු ලැබූ ‘අන්තර් සේනාංක පාපන්දු ශූරතාවලිය - 2023’ මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී පෙබරවාරි මස 08 දින සිට මාර්තු මස 10 දින දක්වා පැවැත්විණි. තරඟාවලිය සඳහා පාපන්දු කණ්ඩායම් 07 ක් සහභාගී වූහ. තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සිකුරාදා (10) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2023-03-07 19:32:45
ගුවන් හමුදාව වෙතින් 24 වන වරටත් සංවිධානය කරනු ලැබූ අදියර තුනකින් සමන්විත ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ 2023 පසුගිය සෙනසුරාදා (04) දින අනුරාධපුරයෙන් අවසන් වූ අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ. අදියර තුනෙහිම ජයග්‍රහණය හිමිකරගනිමින් සමස්ත ශූරතාවයට හිමිකම් කීමට සමත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලියේ ප්‍රබලතම පාපැදි ධාවන කණ්ඩායම බවට පපත්විය. යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලිය ආරම්භයේ සිටම තම දස්කම් දක්වමින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව තරඟවැදී තරඟාවලියේ ශූරතාවය දිනාගත්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ තියුණු ලෙස තරඟවැදුනු ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත්වූහ.
2023-03-04 21:40:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා එල්ලේ ක්‍රීඩා තරගාවලිය - 2023, මාර්තු 02-03 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම විසින් අඛණ්ඩව තෙවැනි වතාවටත් ආරක්‍ෂක සේවා එල්ලේ ශූරතාව දිනාගන්නා ලදී.
2023-03-04 21:20:33
යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් විසින් පෙබරවාරි මස 18 සහ 19 යන දිනයන්හිදී කෝපායි හි 51 වන පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී සුහද ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී.
2023-03-04 20:20:57
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 84 වැනි වාර්ෂික ජාතික සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් ශූරතාවලිය ගල්කිස්ස වෙරළ තීරයේ දී පිහිනුම් ක්‍රීඩා සමාජ කණ්ඩායම් 80 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට අධික සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් මාර්තු 3 සහ 4 යන දිනයන්හිදී පැවැත්වීය.
2023-03-03 17:20:08
තඹලගමුව, කින්නියා සහ මුතූර් ප්‍රදේශවල සිවිල් - හමුදා සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් සහ ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය වර්ධනය කිරීමේ අරමුණින් 22 වන පාබල සේනාංකය විසින් 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 15 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හි සහාය ඇතිව පෙබරවාරි මස 22- 26 යන දිනයන්හිදී 223 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි තඹලගමුව මහජන ක්‍රීඩාංගණයේදී සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී.
2023-02-28 17:20:08
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි යුද්ධ හමුදා අතර සාමාජිකයින් අතර සුහඳත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් 3 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පසුගිය සඳුදා (27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ක්‍රීඩා පිටියේදී පැවැත්විය.
2023-02-27 20:07:38
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි 25 වන සංවත්සර උත්සවයට සමගාමීව 62 වන පාබල සේනාංක භටපිරිස් විසින් 21, 54, 56 සහ 65 යන පාබල සේනාංක සමඟ සම්බන්ධීකරණයෙන් වන්නි භටපිරිස් අතර අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී. මෙම තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වනු ලැබීය.
2023-02-21 20:00:45
27 වන ‘Eliyakanda Speed Hill Climb - 2023’ යතුරුපැදි ධාවන තරඟාවලිය පසුගිය සති අන්තයේ (පෙබරවාරි 18-19) මාතර, එළියකන්ද මෝටර් සයිකල් ධාවන පථයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සහභාගී වූ යතුරුපැදි ධාවන තරඟකරුවන් අභිබවමින් කුසලාන දිනාගැනීමට සමත්වූහ.