2023-07-25 21:28:06
යුද්ධ හමුදාවේ සියලුම කදවුරු තුළ සේවයේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධන ප්රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ක්‍රීඩා විද්‍යාව තේමාව යටතේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ආරම්භ කරනු ලැබීය.
2023-07-24 19:15:35
4 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ශ්‍රී ලංකා සංඥා බලකා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ ජුලි මස 18 සහ 19 දෙදින තුළ ශ්‍රී ලංකා සංඥා බලකායේ ඒකක 11 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2023-07-23 16:53:20
චීනයේ, උරුම්කි ප්‍රදේශයේ ජුලි මස 9 සිට 16 දින දක්වා පැවති ‘Sharp Blade-2023’ ජාත්‍යන්තර ස්නයිපර් තරඟාවලියේදී රටවල් 18 ක් නියෝජනය කරමින් ස්නයිපර් වෙඩික්කරුවන් 46 දෙනෙකු තරඟවැදුණු අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් හොඳම කණ්ඩායම් ක්‍රියාකාරකමට හිමි සම්මානය දිනාගත්හ.
2023-07-23 16:41:46
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සහ සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් අතර ජුලි මස 22 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සුහද වොලිබෝල් තරඟයක් පැවැත්විණි.
2023-07-20 21:02:13
යුද්ධ හමුදා ඒකකයන් අතර සහයෝගීතාවය සහ යුද්ධ හමුදා භටපිරිස්හි ක්‍රීඩා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත 68 පාබල සේනාංකය යටතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ ස්ථාපිත 681 පාබල බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින ‘681 පාබල බලසේනා ක්‍රිකට් ශූරතාවලිය’ සංවිධානය කරනු ලැබීය.
2023-07-19 18:49:03
පැරිස් නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023, දස්කම් දක්වා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් බදාදා (ජුලි මස 19) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-07-16 21:06:36
බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී (AAC) යුද්ධ හමුදා ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම, බැංකොක්හිදී ඉරිදා (ජුලි මස 16) දින පැවති 400×4 (පිරිමි සහාය දිවීමේ) ඉසව්වෙන් විනාඩි 3.01.56 ක කාලයක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
2023-07-16 15:12:20
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය (AAC) – 2023, තරඟාවලියේ පසුගිය සෙනසුරාදා (ජූලි මස 15) දින පැවති 400 x 4 මිශ්‍ර සහය දිවීමේ තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම රිදී පදක්කම දිනාගත්තේය.
2023-07-15 18:09:47
ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023, හෙල්ල විසිකිරීමේ F44 කාණ්ඩයේ තරඟය පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) දින පැවති අතර, එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් කේ.ඒ.එස් දුලාන් සමත් විය.
2023-07-14 21:14:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජූලි මස 12 සහ 13 දෙදින තුළ පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ආරක්ෂක සේවා ක්‍රීඩා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් සුවිශේෂී දස්කම් දැක්වූහ.