2023-04-15 19:18:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයට අයත් 641 පාබල බලසේනාවේ භටපිරිස් සංවිධානයෙන් අප්‍රේල් මස 1 වන දින සිට අප්‍රේල් 5 වන දින දක්වා මුලතිව් ප්‍රදේශයේ සිවිල් ක්‍රිකට් කණ්ඩායම් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
2023-04-12 06:11:44
අප්‍රේල් මස 8 සහ 9 යන දෙදින නුවරඑළිය, මාගස්තොට කඳු තරණ මෝටර් රථ ධාවන පථයේ පැවති ‘Magasthota Festival of Speed -2023’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවන පැදි තරඟකරුවන් දිවයිනේ අනෙකුත් තරඟකරුවන් පරාජය කරමින් කුසලාන දිනා ගැනීමට සමත්වූහ.
2023-04-09 20:02:32
15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් එම්.ඩී.ජී.එස් කරුණාරත්න, ඉන්දියාවේ ගුජරාට් හි පැවති ආසියානු රෝදපුටු ක්‍රිකට් තරඟාවලි - 2023 සඳහා ජාතික රෝදපුටු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී විය.
2023-04-07 21:41:48
ශ්‍රී ලංකා දුනුවිදීමේ සංගමය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරන ලද 21 වැනි ජාතික දුනුවිදීමේ ශූරතාවලිය - 2023, පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා (05 සහ 06) යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා දුනුවිදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගැනීමට සමත් වූහ.
2023-04-06 18:15:43
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ගේ උපදෙස් මත පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය පසුගිය සෙනසුරාදා (01) දින සියලුම නිලයන් සඳහා ‘පාපැදි සවාරියක්’ සංවිධානය කරනු ලැබීය.
2023-04-06 09:00:25
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ‘ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති අභියෝගතා කුසලාන අත්පන්දු තරඟාවලිය - 2023’ අවසන් තරඟය පසුගිය සඳුදා (03) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2023-04-06 08:40:25
යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායමට නවක සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් එම රෙජිමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය - 2023’ එම රෙජිමේන්තු මූලස්ථාන පැසිපන්දු පිටියේදී මාර්තු මස 30 (බ්‍රහස්පතින්දා) දින පැවැත්විණි.
2023-04-03 18:11:01
‘CR & FC’ ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය වෙනුවෙන් අප්‍රේල් 1 සහ 2 දෙදින තුළ කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී පැවති සත් සාමාජික රග්බි තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දැක්වූහ.
2023-04-02 22:18:40
යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරමින් දින තුනක් පුරා පැවති ‘58 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය’ පසුගිය සිකුරාදා (මාර්තු මස 31) දින අවසන් විය. ජාතික හා යුද්ධ හමුදා වාර්තා රැසක් අලුත්වුණු මෙම මළල ක්‍රීඩා උළෙලේ ශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් දිනාගත්හ.
2023-04-02 22:12:05
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආරක්ෂක සේවා ඔරු පැදීමේ ශූරතාවලිය මාර්තු මස 22 දින සිට 24 දින දක්වා දින තුනක් පුරාවට දියවන්නා ඔය පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.