Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2023 18:05:11 Hours

642 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සුහද පාපන්දු තරඟාවලියක්

තරුණයින්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීම සහ ආරක්‍ෂක අංශ හා සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයට අයත් 642 පාබල බලසේනාව වෙතින් අප්‍රේල් මස 06 සිට 11 දින දක්වා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සියලුම සිවිල් ක්‍රීඩා සමාජ අතර පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.

තරඟාවලිය සඳහා සිවිල් ක්‍රීඩා සමාජ 8 ක් සහභාගී වූ අතර ඒ අතරින් වලර්මඩි ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පරන්දමන් ක්‍රීඩා සමාජ කණ්ඩායම අවසන් මහා තරඟයේදී තරඟවැදිණී. තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ජය තහවුරු කරගැනීමට වලර්මඩි ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වූහ.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය අප්‍රේල් මස 11 දින ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාල ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි. 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවේය.

642 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.එන්.ඩී.බී වීරකෝන් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 17 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයන්හි භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

අවසන් මහා තරඟය සියැසින් දැකබලාගැනීම සඳහා 641 සහ 642 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් සහ සිවිල් වැසියන් ද සහභාගී වූහ.