2023-03-30 23:06:08
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 58 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී රිටි පැනීම, මීටර් 10000 ඇවිදීම (පිරිමි සහ කාන්තා කාණ්ඩ) නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා 3 ක් පිහිටුවීමට සමත්වූහ.
2023-03-30 23:04:08
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද 74 වන ‘මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන ශූරතාවලිය 2023’ මාර්තු මස 26 දින කොළඹ ටවර් හෝල් හිදී පැවති අතර ඒ සඳහා සහභාගි වූ යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්හ.
2023-03-30 23:02:21
යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශවාසීන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 වන පාබල බලසේනාවට අයත් 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ සිවිල් පා පන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (මාර්තු මස 26) දින කත්තලම්පිඩ්ඩි ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2023-03-27 23:29:56
සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ අතර පවතින සංහිඳියාව සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 663 වන පාබල බලසේනාව සහ 66 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු වොලිබෝල් ක්‍රීඩකයින් සහ දොන් බොස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වොලිබෝල් ක්‍රීඩකයන් අතර වොලිබෝල් තරඟාවලියක් පසුගිය ඉරිදා (මාර්තු මස 19) දින පැවැත්විණි.
2023-03-27 23:06:27
යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලිය - 2023’ වවුනියාව, මුණ්ඩිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පැවැත්විණි.
2023-03-26 21:57:53
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයට අයත් 661 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරඟයක් පසුගිය බදාදා (22) දින පල්ලිකුඩා හි පිහිටි එම රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. එහිදී, 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සහ මුලතිව්, පල්ලිකුඩා, කලෙඕලි ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම තරඟවැදිණි.
2023-03-22 21:37:34
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලැබූ ‘ආරක්‍ෂක සේවා මෝටර් රථ ධාවන ශූරතාවලිය - 2023’ වැලිසර කොළඹ සුපර්ක්‍රොස් ධාවන පථයේදී 2023 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ පැවති අතර එම තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් විසින් දිනාගනු ලැබීය.
2023-03-22 09:38:45
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මළල ක්‍රීඩා දක්‍ෂතා දැක්වූ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකාවන් දිරිගැන්වීමේ වැඩසටහනක් පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම ඒකකයේදී මාර්තු මස 15 දින පැවැත්විණ.
2023-03-22 09:04:20
යුද්ධ හමුදා භටපිරිස් අතර සුහඳත්වය, කණ්ඩායම් හැගීම හා පුද්ගලික සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟයන් සඳුදා (20) දින එම මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ උපදෙස් මත පැවැත්වූ මෙම වොලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 21 ක් තරඟ කරන ලද අතර, අවසන් මහා තරඟය සඳහා 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 10 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සුදුසුකම් ලැබූහ.
2023-03-17 20:10:55
12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ටයිකොන්ඩෝ ශූරතාවය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගි වූයේය. ටයිකොන්ඩෝ තරඟාවලිය මාර්තු මස 14 දින සිට 16 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ත්‍රිවිධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් 47 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 37 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.