20th April 2023 20:23:43 Hours
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Nuwara Eliya Lake Cross – 2023’ තරඟාවලිය යුද්ධ හමුදා ධාවකයින් ඇතුළු දිවයින පුරා මෝටර් රථ ධාවකයින්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 14 සිට 16 දින දක්වා නුවරඑළිය ධාවන පථයේදී පැවැත්විණි.
තරඟාවලියේ මෝටර් ක්‍රොස් ධාවන ඉසව් 17 ක ජයග්‍රහණය යුද්ධ හමුදා ධාවන ක්‍රීඩකයින් විසින් දිනාගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් තරඟකරුවන් සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙමින් ඔවුන් දිරිමත් කළේය.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ධාවන ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න
a. ප්‍රථම ස්ථානය – MX-Racing 250 cc (ප්‍රථම ධාවන තරඟය)
b. දෙවන ස්ථානය – MX-Racing 250 cc (දෙවන ධාවන තරඟය)
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ජී.ජී.ටී.වයි. විජේසුන්දර MX-Racing 125 cc ඉසව්වේ තෙවන ස්ථානය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එස්. ගයාන්.
a. තෙවන ස්ථානය – MX- Standard 125cc (ප්‍රථම ධාවන තරඟය)
b. තෙවන ස්ථානය – MX- Standard 125cc (දෙවන ධාවන තරඟය)
c. තෙවන ස්ථානය – MX- Standard 250cc (ප්‍රථම ධාවන තරඟය)
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ කුමාරසිරි
a. ප්‍රථම ස්ථානය – MX- Standard 250cc ඉසව්ව (ප්‍රථම ධාවන තරඟය)
b. දෙවන ස්ථානය – MX- Standard 250cc ඉසව්ව (දෙවන ධාවන තරඟය)
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.ආර්. ජයශාන්.
a. ප්‍රථම ස්ථානය – MX- Standard 125cc ඉසව්ව (ප්‍රථම ධාවන තරඟය)
b. ප්‍රථම ස්ථානය – MX- Standard 125cc ඉසව්ව (දෙවන ධාවන තරඟය)
c. ප්‍රථම ස්ථානය – MX- Standard 250cc ඉසව්ව (දෙවන ධාවන තරඟය)
d. තෙවන ස්ථානය – MX- Racing 125cc ඉසව්ව (ප්‍රථම ධාවන තරඟය)
e ප්‍රථම ස්ථානය – MX- Racing 125cc ඉසව්ව (දෙවන ධාවන තරඟය)