2023-08-14 20:13:47
ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් ශූරතාවලිය - 2023, පුත්තලම මහජන ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 11 දින සිට 14 දින දක්වා පැවති අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.
2023-08-12 18:00:34
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය පසුගිය බදාදා (09) දින මත්තේගොඩ ශ්‍රී ලංකා ඉංනේරු බලකා ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එහිදී, දින දහයක් පුරාවට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් තරඟ ඉසව් 11 ක් යටතේ ක්‍රීඩකයින් තරඟවැදිණි.
2023-08-12 17:39:49
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් වේරහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින ‘රෙජිමේන්තු ක්‍රීඩා මනෝවිද්‍යාව’ මැයෙන් දේශනයක් පැවැත්විණී.
2023-08-09 18:13:32
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරනු ලබන 47 වන ජාතික ක්‍රීඩා උළෙලේ කායවර්ධන ඉසව්ව, දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 09කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 05) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් (Duncan White) ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023-08-06 19:21:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ සීෂෙල්ස් හෑන්ඩ්බෝල් ජාතික කණ්ඩායම අතර සුහද හෑන්ඩ්බෝල් තරගාවලියක් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින පැවැති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
2023-08-01 19:18:01
ජාතික මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 101 වන ‘ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය – 2023’, 2023 ජූලි මස 28 සිට 30 දින දක්වා සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනාගැනීමට සමත් වූහ.
2023-08-01 18:46:56
68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් අතර ක්‍රීඩාශීලිත්වය, මිත්‍රත්වය, අනෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අන්තර් බලඇණි අභියෝගතා කුසලාන වෙරළ වොලිබෝල් තරඟාවලිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වීය.
2023-08-01 18:43:06
බෝපේ රාජසිංහ ජාතික විද්‍යාලයේ දී පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින ආරම්භ වූ DSBMW – 2023 කඹ ඇදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම් සුවිශේෂී දස්කම් දැක්වූහ.
2023-07-27 20:43:47
ආරුගම්බේ සංවර්ධන සංසදය විසින් සංවිධානය කරන ලද ‘2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය’ 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාව සමඟ එක්ව පසුගිය ඉරිදා (ජූලි 23) දින අරුගම්බේ ප්‍රදේශයේදී ‘Visit Sri Lanka’ යන තේමාව යටතේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහල නැංවීමේ අරමුණින් මෙම අර්ධ මැරතන් තරඟාවලිය පවත්වන ලදී.
2023-07-26 19:44:40
මාරවිල ප්‍රදේශයේ පැවති ‘මයිකල් වාස් සහ හනීතමිල් එල්ලේ තරඟාවලිය -2023’ දි තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රතිවාදී බරුදැල්පොත ක්රයිස්ට් කිංග්ස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 12 ක් රැස්කරගත් අතර ජූලි මස 8 සිට 16 දින දක්වා තොඩුවාව ගෝල්ඩන් බීච් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ පැවති පළමු වටයේ ජයග්‍රහණය හිමිකරගත්හ.