15th April 2023 19:24:50 Hours
නුවරඑළිය ‘හිල් ක්ලයිම්බ්’ ධාවන පථයේ දී අප්‍රේල් මස 10 සිට 11 දින දක්වා පැවති ‘Single Tree Hill Climb -2023’ තරඟාවලියේදී දිවයිනේ නොයෙක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගී වූ මෝටර් රථ හා ධාවන පැදි තරඟකරුවන් රැසක් පරාජය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තරඟකරුවන්ට කුසලාන රැසක් දිනා ගැනීමට හැකි වූහ.
තරඟ ඉසව් ත්‍රිත්වයේ යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා පහත පරිදි වේ.
SM – Super Motard 250/450 CC විවෘත ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ 600 CC විවෘත ඉසව්වේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි මධුරංග හිමිකර ගන්නා ලදී.
Group N cars up to one Make Ford Laser/Mazda 1300 CC, කාණ්ඩයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් යූ.කේ.ජේ.ඒ කුමාර හිමිකර ගන්නා ලදී.
SM - Super Motard 250/450 CC විවෘත ඉසව්වේ තෙවන ස්ථානය ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එල්.ඩී.බී සෙනෙවිරත්න හිමිකර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම්, මගපෙන්වීම් සහ උපදෙස් ලබා දෙන ලදී.