Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2023 21:00:13 Hours

‘Super Knights International Chess Championship 2023’ තරඟාවලියේ යුද්ධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

ශ්‍රී ලංකාවේ සහ විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් දින පහක් පුරාවට පැවති ‘Super Knights International Chess Championship 2023’ චෙස් තරඟාවලිය අප්‍රේල් මස 5 දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරිණී.

තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් දිනාගත් අතර ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා චෙස් ක්‍රීඩකයින් සමත්වූහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ චෙස් ක්‍රීඩකයින් තෙවැනි ස්ථානයට හිමිකම් කීහ.

ELO ශ්‍රේණිගත කිරීම් 1600 - 1800 කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඒ.ඒ.බී.ඩී.පී. අබේවර්ධනට හිමි වූ අතර ELO ශ්‍රේණිගත කිරීම් 1000 - 1200 කාණ්ඩයේ සම දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කෝප්‍රල් ඩී.එන්.එස් සිල්වා වෙත හිමිවිය.