21st November 2023 21:03:53 පැය
පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගංවතුර බැස යාමට පැවති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් ජීවිත තර්ජනයන් සහ නිවාස හානිවලට මුහුණු පා සිටින ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා සපුරාලමින් එම කානු පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
21st November 2023 20:53:31 පැය
681 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් ‘දීපාවලි’ උත්සවය වෙනුවෙන් උඩයාර්කට්ටු ප්‍රදේශයේ ජිවත් වන අඩුආදායම් ලාභී පවුල් 12 සඳහා වටිනාකම රුපියල් 4500.00 බැගින් වූ අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් තොගයක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින බෙදාදෙන ලදී.
20th November 2023 20:31:11 පැය
දමිළ තරුණ තරුණියන් සඳහා ඔඩ්ඩමාවඩි ජාතික පාසලේ පවත්වනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙහි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජී සහභාගී වීය.
20th November 2023 20:19:41 පැය
553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වැඩි කිරීමේ සාමූහික උත්සාහයක් වශයෙන් යුද්ධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින 55 පාබල සේනාංක මූලස්ථානයේ රැස්වී සාකච්ඡාවක නිරත වූහ.
20th November 2023 20:03:15 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයන්හි අවශ්‍යතා සපුරාලමින් ජනවාර්ගික සහජීවනය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නංගර ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඩෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
20th November 2023 19:59:22 පැය
52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාසයක පමණ කාලයක් පුරාවට සිය දායකත්වය ලබාදීමෙන් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 19) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ අවසන් විශේෂ දේව මෙහෙය පැවැත්වීය.
20th November 2023 19:55:44 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරුතන්කේනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන සිවිල් ජනතාව වෙත පොල් පැළ 1500ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින යාපනය, මරුතන්කේනි, අම්පන් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.
19th November 2023 21:36:24 පැය
පුදුකුඩිඉරිප්පු සහ ආනන්දපුරම් ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පවුල් හතරක් වෙත සහනාධාර බෙදාදීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් නොවැම්බර් මස 17 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
19th November 2023 21:20:04 පැය
අයහපත් කාලගුණික තත්ත්වය
18th November 2023 00:20:06 පැය
24 පාබල සේනාංක මූලස්ථානය වෙතින්