Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2023 10:26:13 Hours

යුද්ධ හමුදාව විසින් පවත්නාගෙන යනු ලබන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ ප්‍රගතිය 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඇගයීමට

යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකය විසින් ආරම්භ කරනු ලැබූ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (ඔක්තෝම්බර් මස 20) දින පාඨමාලාව පැවැත්වෙන පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර එහිදී, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී එම පාඨමාලාවේ නිරත සිසු සිසුවියන්, ගුරු භවතුන් සහ එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.

51 පාබල සේනාංකය විසින් පවත්වාගෙන යනු ලබන මෙම ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව 2021 වසරේ සිට යුද්ධ හමුදා ගුරු මණ්ඩලයක සහභාගීත්වයෙන් යාපනය, කෝපායි ප්‍රජා මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලැබූ අතර, දැනට පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු පමණ මෙම පාඨමාලාව සඳහා සහභාගී වී ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබයි.

51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එහිදී පාඨමාලාවේ ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව විමසා ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එම ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එතුමන් සුබපැතුම් එක් කළේය.