Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2023 22:02:09 Hours

7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් කදුරුවෙල ප්‍රදේශයේ ‘ඩෙංගු’ මර්දන වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 231 පාබල බලසේනාවේ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් කදුරුවෙල නගරාශ්‍රිතව ඩෙංගු මර්දන සහ ශ්‍රමධාන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින සංවිධානය කරන ලදී.

වැඩසටහන සඳහා 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 50 දෙනෙකු සහභාගී වූ අතර, පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රදේශයේ පාසල් සිසුන් සහ ස්වේච්ඡා සේවකයින් රැසක් සහභාගී වූහ.