24th October 2023 10:31:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සහයෝගීතාවය සහ තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගපුරම් බාලිකා වොලිබෝල් කණ්ඩායම සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම අතර වොලිබෝල් තරඟයක් එම සේනාංක මූලස්ථානයේ CIMIC උද්‍යාන ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පවත්වන ලදී.
තියුණු තරඟයකින් පසුව යෝගපුරම් බාලිකා වොලිබෝල් කණ්ඩායම තරඟය ජයගනිමින් කුසලානය සහ ත්‍යාග හිමිකරගත් අතර, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහ ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් අවසන් මහා තරඟය නැරඹීම සහභාගී වූහ.
ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග ප්‍රදානය කරන ලදී.