Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2023 07:21:44 Hours

11 පාබල සේනාංකයේ භට පිරිස් මහනුවර ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස 04 ක් ඉදිකරන දෙයි

යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 10 ගජබා රෙජිමේන්තුව හා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ඉදිකර දෙනු ලැබූ නව නිවාස හතරක් එහි ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 17) දින මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දී සිදු කරන ලදී.

නිවෙස් ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අනුග්‍රාහකතත්වය අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන හිමියන් විසින් දක්වනු ලැබූ අතර, භටපිරිස් විසින් තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබීය.

11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟින් 10 ගජබා රෙජිමේන්තුවේ හා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අරුප්පොල ප්‍රදේශයේ මෙම නිවාස 04 ස්ථාන හතරක ඉදිකරනු ලැබීය.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 10 ගජබා රෙජිමේන්තුවේ හා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයන්හි භටපිරිස් විසින් මෙම නිවාස සති කිහිපයක් ඇතුළත ඉදිකරනු ලැබීය.

ප්‍රථිලාභීන් වෙත නිවස ලබාදීමේ උත්සව අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ, 111 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් එරගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.