Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2023 07:45:38 Hours

14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බොරලැස්ගමුව වැව පිරිසිදු කරයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බොරලැස්ගමුව වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 11 දින සිට ඔක්තෝබර් මස 12 දින දක්වා සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්. කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ. එච්. එල්. ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.

14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් බී.එම්.පී.කේ බෙලිගහවත්ත ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සාර්ථකව සිදුකරනු ලැබීය.

භටපිරිස්හි මෙම කාර්යය බොරලස්ගමුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ පැසසුමට ලක්වූ අතර, ඔවුන්ගේ කැපවීම මත බොරලැස්ගමුව වැවේ පැතිර යමින් තිබූ ආක්‍රමණශීලී ජපන් ජබර ශාක ඉවත් කර දේශීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට මෙමගින් හැකිවිය .

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය වෙතින් ලැබුණු සුවිශේෂී සහයෝගය වෙනුවෙන් වාරිමාර්ග ඉංජිනේරුවන් විසින් සිය ස්තුතිය යුද්ධ හමුදාව වෙත පුද කරන ලදී.