Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2023 08:38:02 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ පිහිටි උදයසෝරියන් උද්‍යාන ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෝගය හිමිවූහ.