18th November 2023 00:09:56 පැය
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය
17th November 2023 06:12:50 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 300 ක් වෙත පොල් පැළ 3000 ක් පමණ බෙදාදීමේ වැඩසටහනක් 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින පැවැත්විණි.
17th November 2023 05:37:37 පැය
දින කිහිපයකට ප්‍රථම බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ ඇතිවූ නායයෑමෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් රැසක් අවතැන් වූ අතර පසුගිය අඟහරුවාදා (14) දින රාත්‍රියේ 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම මුදවාගැනීමේ මෙහෙයුමේදී එකම පවුලේ මව්පියන් දෙදෙනා සහ දියණියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබීය.
17th November 2023 05:32:56 පැය
ඩෙංගු වසංගතය පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් ගොටටුව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන්හි නොවැම්බර් මස 11, 20 සහ 23 දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
16th November 2023 08:41:11 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, සුගන්ධිපුරම් මහා විද්‍යාලයේ විදුලිබල සැපයුම අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කිරීම සඳහා සිය තාක්ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
14th November 2023 22:35:53 පැය
21 පාබල සේනාංකයට අයත් 213 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින ගජසිංහපුර, තවරක්කුලම් වැව් බැම්මේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.
14th November 2023 22:10:02 පැය
දිඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත වුඩාමාණික්යය සහ සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් ජංගම රිය පෙරහැර පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින හම්බන්තොට ප්‍රදේශයට වැඩම කරවනු ලැබීය.
14th November 2023 13:12:43 පැය
අයහපත් කාලගුණය නිසා ඇතිවූ අධික සුළං තත්ත්වය සහ වර්ෂාපතනය හේතුවෙන් නොවැම්බර් මස 06 සහ 07 දෙදින තුල 141 පාබල බලසේනාවේ භටපිරිස්...
13th November 2023 20:37:28 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් මගින් එම ප්‍රදේශයේ යෝජිත ‘2 වන පොල් ත්‍රිකෝණය’ ස්ථාපිත කිරීමේ වැඩසටහනේ 2 වන අදියර වශයෙන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තෙරවිල් සහ සුගන්දිපුරම් ප්‍රදේශයන්හි පදිංචි පවුල් වෙත පොල් පැළ 1335 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්වීය.
13th November 2023 20:35:51 පැය
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අම්පාර, වඩිනාගල විද්‍යාලයේ ඇති සියලුම ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී.