Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2023 22:04:32 Hours

68 පාබල සේනාංකයේ භටපිරිස් හි මුලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල් 05 ක් සඳහා රු.5000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 25) දින බෙදාදෙන ලදී.

සිවිල්-හමුදා සුහඳත්වය වැඩි දියුණු කරමින් 68 පාබල සේනාංකයේ භටපිරිස්හි පරිත්‍යාගශීලීත්වය මත මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.