23rd December 2023 14:28:09 පැය
වන්නි කලාපයේ ගොවීන් අතර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින වවුනියාව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීය. ඒ සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා, ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, කෘෂිකර්ම ක්ෂේත්රයේ විශේෂඥයින්, පර්යේෂකයන් හා කෘෂිකර්ම ක්ෂේත්රයේ බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන් සහ උපාධි අපේක්ෂකයින් රැසක් සහභාගී වූහ.
23rd December 2023 14:28:09 පැය
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානය කරණ ලද පොත් පරිත්‍යාග ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින නාඋල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
22nd December 2023 20:40:19 පැය
යුද්ධ හමුදාවේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහය විසින් සංවිධානය කරන ලද ‘Laya Food Festival’ පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටලයේදී ආරම්භ කරන ලදී.
22nd December 2023 20:35:31 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය විසින් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය පාසල් 11 ක සිංහල, දමිළ සහ මුස්ලිම් සිසුන් 46 දෙනෙකු සඳහා ‘නායකත්ව කුසලතා සංවර්ධනය’ යන මැයෙන් දෙදින වැඩමුළුවක් පුනානි බළඇනි පුහුණු පාසලේදී දෙසැම්බර් මස 21 සහ 22 යන දෙදින තුල පැවැත්විණි.
22nd December 2023 20:32:11 පැය
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සම්බන්ධීකරණයෙන් විදෙස් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව්, තේවිපුරම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් 134 දෙනෙකු වෙත 2024 වසර සඳහා පාසල් පාවහන් සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින පවත්වනු ලැබීය.
22nd December 2023 05:29:26 පැය
ප්‍රජා සත්කාරක කටයුතු තවත් ඉදිරියට ගෙන යමින් 55 පාබල සේනාංකයේ 551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ‘Wanni Aid Canada’ සංවිධානයේ වෛද්‍ය ශ්‍රියා දොරේයප්පා මහත්මියගේ මුල්‍යමය දායකත්වයෙන් සහ මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම්ගේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චිය, උදයනගර් නැගෙනහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින පැවැත්විණි
21st December 2023 13:39:33 පැය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් - හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් 55 පාබල සේනාංකය විසින් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් උත්සවය මෙවරත් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ‘නෙළුම් පියස’ රඟහලේදී පැවැත්විණ.
20th December 2023 22:19:27 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ නැදුන්කේනි දකුණු ග්‍රාමසේවා කොට්ඨාශයේ ප්‍රාදේශීය ගම්මානයන්හි ජීවත් වන සිවිල් වැසියන් සමඟින් එක්ව නැදුන්කේනි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා දින (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
20th December 2023 22:10:13 පැය
යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණෙයන් කළුතර, මිරිස්වත්ත දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පල්ලියගොඩ දමිළ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 116 දෙනෙකු වෙත පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පාසල් උපකරණ ඇසුරුම් බෙදාදෙන ලදී.
20th December 2023 21:58:13 පැය
යුද්ධ හමුදාව විසින් ‘Colombo Harbour Limited’ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ලබාදුන් අනුග්‍රාහකත්වය මත 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ බලප්‍රදේශයට අයත් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව භටපිරිස් විසින් යාපනය, පේදුරුතුඩුව පුලෝලි (නැගෙනහිර) රජයේ දමිළ මිශ්‍ර පාසලේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින සංවිධානය කරන ලදී.