Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2023 13:39:33 Hours

55 පාබල සේනාංකය කිලිනොච්චියේදී නත්තල් කැරොල් උත්සවයක් පවත්වයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් - හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් 55 පාබල සේනාංකය විසින් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් උත්සවය මෙවරත් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ‘නෙළුම් පියස’ රඟහලේදී පැවැත්විණ.

ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය - මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාවට යාපනය රදගුරු පදවියේ විකා ජනරාල් ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, එතුමන් එහිදී නත්තල් දින වැදගත්කම සහ ජනතාවගේ සදාචාරාත්මක සංවර්ධනය සඳහා එහි සැබෑ අරුත අවධාරණය කරමින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කළේය.

නත්තල් උත්සවයේදී ‘ලෝක සාමය’ සංකේතවත් කරමින්, නත්තල් කැරොල් ගී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගායනා කරන ලදී. බැප්ටිස්ට් දේවස්ථානය, දකුණු ඉන්දීය දේවස්ථානය, මෙතෝදිස්ත පල්ලිය, කිලිනොච්චි කතෝලික පල්ලිය, ඇමරිකානු ලංකා දූත මණ්ඩලය සහ ලංකා පල්ලිය ඇතුළු විවිධ ගීතිකා කණ්ඩායම් මෙම අවස්ථාවට එක්වූහ. යුද්ධ හමුදා නැටුම් කණ්ඩායම, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා තූර්ය වාදක කණ්ඩායම මෙම උත්සවය තවත් වර්ණවත් කළේය.

ලෝකයේ සාමය පවත්වා ගැනීමේ වැදගත්කම සංකේතවත් කරමින්, සියලුම ගීතිකා කණ්ඩායම් එක් කණ්ඩායමක් ලෙස එක් වී ‘Peace to the World’ ගායනය ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, හින්දු පූජකවරුන්, මුස්ලිම් මව්ලවිවරුන්, කිතුනු පූජකවරුන් සහ, උසස් රාජ්‍ය නිලධාරීන්, කන්ඳවේලි, පූනකරි සහ කරච්චි වන ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංවිධාන ප්‍රධානීන් සහ පොලිසි නිලධාරීන් සහභාගී වූහ.

උත්සව අවස්ථාවට 1 බලකායේ බලකාධිපතිතුමන්, 55 සහ 51 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිපවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, 551 සහ 552 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ඉරණමඩු ගුවන් හමුදා කඳවුරෙහි අණදෙන නිළධාරී, සෙසු නිලයින්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි නිකායේ සාමාජිකයින්, අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සහ ප්‍රදේශයේ වැසියන් පිරිසක්ද සහභාගි වූහ.