22nd December 2023 20:35:31 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය විසින් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය පාසල් 11 ක සිංහල, දමිළ සහ මුස්ලිම් සිසුන් 46 දෙනෙකු සඳහා ‘නායකත්ව කුසලතා සංවර්ධනය’ යන මැයෙන් දෙදින වැඩමුළුවක් පුනානි බළඇනි පුහුණු පාසලේදී දෙසැම්බර් මස 21 සහ 22 යන දෙදින තුල පැවැත්විණි.
සිංහල, දමිළ සහ මුස්ලිම් පාසල්වල තරුණ ශිෂ්‍ය නායකයින් අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරීම සහ සියලු ජන කොටස්වල දරුවන් අතර සමගිය, අනෝන්‍ය අවබෝධය, වාර්ගික සහජීවනය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
වැඩමුළුවේදී න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් එම සිසුන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම්, මුලපිරීම සහ ආත්ම විශ්වාසය ඇති කිරීම පිළිබඳව අවබෝධයක් ලබාදුන්හ. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ රදගුරු එබනේසර් ජෝසප් පියතුමන් සහ ‘සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුව’ සංවිධානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
උත්සවය ආරම්භයේදී මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, සහජ නායකත්ව හැකියාවන් වැඩි දියුණු කරමින් තරුණ පරපුර අතර සාමය, සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම තරුණ පරම්පරාව මෙවැනි වැඩසටහන් සඳහා සම්බන්ධ කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් අනාගතයේදී විශ්වාසවන්ත, වගකීම් සහගත ඵලදායී නායකයින් බවට පත්වීමට මහඟු අවස්ථාවක් වනු ඇති බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වැඩමුළුව අතරතුරදී විවිධ ජාතීන් අතර පවත්නා භාෂාමය සහ සංස්කෘතිමය වටිනාකාම පිළිබඳව ද අවබෝධයක් ලබාගන්නා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැඟෙනහිර සහභාගිවූවන්ගෙන් ඉල්ලා සිටියේය.
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් මෙම වැඩමුථව සාර්ථකව පැවැත්වීමට ලබා දුන් සහය වෙනුවෙන් එබනේසර් ජෝසප් පියතුමාට සහ ‘සාමය සඳහා වූ සර්ව ආගමික එකමුතුව’ වෙත සිය කෘතවේදීත්වය පුද කළ අතර, තරුණ පරම්පරාවේ යහපත වෙනුවෙන් කාලීනව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ එතුමන්ගේ කණ්ඩායමට සිය ස්තූතිය පුද කළේය.
වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හා 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, තෝරාගත් පාසල්වල ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.