Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2023 20:40:19 Hours

දේශීය ආහාර සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වාද්දූවේදී ‘Laya Food Festival’ ආරම්භ වෙයි

යුද්ධ හමුදාවේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහය විසින් සංවිධානය කරන ලද ‘Laya Food Festival’ පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටලයේදී ආරම්භ කරන ලදී.

උත්සවයේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම ආහාර සැනකෙළියේ මූලික අරමුණ වන්නේ දේශීය හා විදේශීය සංචාරකයන් අතර සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකීය ආහාර ප්‍රවර්ධනය කිරීමත් දේශීය ආහාර පිළිබඳව දරුවන් දැනුවත් කිරීම මඟින් ලයා හෝටල් සන්නාමය සංචාරකයන් අතර ප්‍රචලිත කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා දිරිමත් කිරීමයි.

‘ලයා’ හොටෙල් සමූහය යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික හෝටල් ජාලයකි. එය Laya Beach Hotel, Laya Safari Hotel, Laya Wave Hotel, සහ Laya Leisure Hotel වශයෙන් ප්‍රධාන ආයතන හතරකින් සමන්විත වේ. උත්සවය ලබන සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දක්වා පැවැත්වෙන අතර එය මහජනතාව සඳහා විවෘතව පවති.

උත්සවයේ ආරම්භක අවස්ථාවට ‘ලයා’ හෝටල් ජාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ මාධ්‍ය නියෝජිතයින් සහභාගී වූහ.