Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:28:09 Hours

වන්නි ප්‍රදේශයේ නව කෘෂි තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය තවදුරටත්

වන්නි කලාපයේ ගොවීන් අතර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින වවුනියාව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීය. ඒ සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්, පර්යේෂකයන් හා කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන් සහ උපාධි අපේක්ෂකයින් රැසක් සහභාගී වූහ.

එම සාකච්ඡාවේදී වවුනියාව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට බලපාන වන අලි තර්ජන අවම කිරීම සහ වැළැක්වීමේ පූර්වාරක්ෂක ක්‍රම, සාම්ප්‍රදායික හා නවීන තාක්‍ෂණය භාවිතය, අතහැර දමා ඇති වාරිමාර්ග වැව් ප්‍රතිසංස්කරණය, ජල පද්ධති සහ ජල කළමනාකරණය, ජංගම පාවෙන කෘෂිකාර්මික වෙළෙඳ පොළ හඳුන්වා දී ගොවීන් අතර එය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් අතර නවෝත්පාදන සහ ශිල්පීය ක්‍රම හඳුන්වාදීම සඳහා යුද්ධ හමුදාවේ සහය ලබාදීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය ජේ. නිමලන්, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ. නන්තකුමාර්, (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) හිටපු පීඨාධිපති, ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආචාර්ය. එස් විජේමෝහන්, ජීව විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යේෂ්ඨ අධ්‍යයන කාර්යය මණ්ඩලය සහ වවුනියාව විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.