20th December 2023 21:58:13 Hours
යුද්ධ හමුදාව විසින් ‘Colombo Harbour Limited’ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ලබාදුන් අනුග්‍රාහකත්වය මත 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ බලප්‍රදේශයට අයත් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව භටපිරිස් විසින් යාපනය, පේදුරුතුඩුව පුලෝලි (නැගෙනහිර) රජයේ දමිළ මිශ්‍ර පාසලේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින සංවිධානය කරන ලදී.
වැඩසටහනේදී ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය, පාසල් බෑග්, පාවහන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමන්විත ඇසුරුම් බෙදාදෙන ලදී.
පරිත්‍යාගශීලීන් විසින් ක්‍රීඩා භාණ්ඩ, පිරිසිදු කිරීමේ උපකරණ සමඟින් පාසලේ ළමා උද්‍යානය අලුත්වැඩියා කර දීමද සිදුකලහ.
උත්සව අවස්ථාවට ‘Colombo Harbour Limited’ හි එච්.එම් මෙන්ඩිස්, වැඩමුළු ඉංජිනේරු එම්.ඒ මුණසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර, එහිදී ළමුන්ට විනෝදාස්වාදය ගෙන දෙමින් මෙම වැඩසටහන පැවැත්වීය.