20th December 2023 22:19:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ නැදුන්කේනි දකුණු ග්‍රාමසේවා කොට්ඨාශයේ ප්‍රාදේශීය ගම්මානයන්හි ජීවත් වන සිවිල් වැසියන් සමඟින් එක්ව නැදුන්කේනි ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා දින (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
උතුරු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැදුන්කේනි ප්‍රාදේශීය රෝහලේ ජලාපවහන පද්ධති අවහිර වී ඇති බැවින්, එය රෝගින්ගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල විය හැකි බැවින් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 16 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.