22nd December 2023 20:32:11 Hours
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සම්බන්ධීකරණයෙන් විදෙස් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව්, තේවිපුරම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් 134 දෙනෙකු වෙත 2024 වසර සඳහා පාසල් පාවහන් සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ගුරුභවතුන් සහ ප්‍රථිලාභී පාසල් ළමුන් සහභාගී වූහ.