Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:28:09 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාව විසින් පාසල් උපකරණ බෙදාදෙයි.

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අඛණ්ඩව සිව්වන වරටත් සංවිධානය කරණ ලද පොත් පරිත්‍යාග ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින නාඋල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

මාධව තේනුවර මහතා විසින් රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමකින් යුත් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය විශේෂ බලකා සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් අතර බෙදා හරින ලදී.

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ ආරාධනයකට අනුව මාධව තේනුවර මහතා සහ එම මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයින් උණුසුම් අයුරින් පිළිගත් අතර, මෙම අවස්ථාව සදහා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ භාර්යාවන්ද ඇතුළත් විය.

තවද, විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.