Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2023 22:10:13 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණෙයන් කළුතර ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණෙයන් කළුතර, මිරිස්වත්ත දමිළ ප්‍රාථමික විද්‍යාලයේ සහ පල්ලියගොඩ දමිළ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 116 දෙනෙකු වෙත පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පාසල් උපකරණ ඇසුරුම් බෙදාදෙන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන 61 පාබල සේනාංකය, 612 පාබල බලසේනාව සහ 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘CEAT’ ටයර් සමාගමේ අනුග්‍රාහකත්වය මත සිදු කරන ලදී.

බෙදාදුන් සෑම පාසල් උපකරණ ඇසුරුමකම රු. 10,000.00 ක වටිනාකමකින් යුත් පාසල් බෑගයක්, පාවහන්, ලිපිද්‍රව්‍ය, පොත් සහ වතුර බෝතල් ආදිය ඇතුළත් විය.

උත්සව අවස්ථාව සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්, සියැට් ටයර් සමාගමේ නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සහභාගී විය.