22nd December 2023 05:29:26 Hours
ප්‍රජා සත්කාරක කටයුතු තවත් ඉදිරියට ගෙන යමින් 55 පාබල සේනාංකයේ 551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ‘Wanni Aid Canada’ සංවිධානයේ වෛද්‍ය ශ්‍රියා දොරේයප්පා මහත්මියගේ මුල්‍යමය දායකත්වයෙන් සහ මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම්ගේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චිය, උදයනගර් නැගෙනහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින පැවැත්විණි.
55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 551 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් නිවාස ලාභී පද්මනාදන් රාධිකා මහත්මියගේ යෝජිත නව නිවස ඉදිකිරීමට ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම දෙනු ලබයි.
උත්සව අවස්ථාවේදී පැලයක් රෝපනය කර, නිවාස ලාභීන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදෙන ලදී. එම අවස්ථාව සඳහා 552 සහ 553 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන්, 55 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ගුණරත්න (විශ්‍රාමික), කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී, සෙසු ආරාධිතයින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.