28th December 2023 21:10:01 පැය
උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී පාද වාරයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය අගහරුවාද (දෙසැම්බර් මස 26) සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
28th December 2023 21:04:33 පැය
අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය සහ දමන මහා විද්‍යාලයේ ගුරුභවතුන්ගේ ඉල්ලීමකට අනුව 24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් එම පාසල් හි සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින පවත්වන ලදී.
28th December 2023 20:58:23 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයට අයත් 592 පාබල බලසේනා බළප්‍රදේශයේ පිහිටි 14 ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින කැඩී ගිය තන්නිමුරිප්පු වැව් බැම්ම පිළිසකර කරන ලදී.
27th December 2023 20:26:45 පැය
නත්තල් දිනයට සමගාමීව ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව, සුහදත්වය සහ අන්න්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භට පිරිස් විසින් යාපනය “ St. Mary’s Cathedral at Jaffna Bishop's House” දෙව්මැදුරේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24 ) දින සංවිධානය කරන ලදී.
26th December 2023 22:51:00 පැය
නත්තල සහ 2024 නව වසර උදාව වෙනුවෙන් සියලු නිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 ) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පැවැත්විය .
26th December 2023 22:29:30 පැය
24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාවට අයත් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 21 දින ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 15 දෙනෙක් සහභාගී වූහ.
26th December 2023 22:17:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අංශයේ සිසුන් 81 දෙනෙකු සඳහා "පෞරුෂත්වය සහ නිපුණතා සංවර්ධනය" කිරිමේ අරමුණින් දින පහක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
24th December 2023 21:10:06 පැය
නැඟෙනහිර ප්‍රදේශයේ පාසල් 11 ක ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (22) දින පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංක බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
24th December 2023 21:03:56 පැය
පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් අතර ආගමික සහජීවනය සහ සිවිල් - හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 521 පාබල බලසේනාව, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඒකාබද්ධව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින මෙතෝදිස්ත බාලිකා උසස් පාසල් ශ්‍රවණාගාරයේදී නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් පැවැත්වීය.
24th December 2023 21:01:04 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අසිරිමත් නත්තල නිමිත්තෙන් මුල්ලියාන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව අයියකච්චි මුල්ලියාන් ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින ක්‍රියාත්මක කරන ලදි.