13th December 2023 21:10:49 පැය
3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව කොම්බාවිල්, ඉරනපලෛයි, පුදුමාතලන් සහ ආනන්දපුරම් යන ප්‍රදේශයන්හි පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදාදීමේ වැඩසටහනක් එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහායද ඇතිව පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින සිදුකරන ලදී.
13th December 2023 21:07:08 පැය
2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සෙබළියන් 21 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ මූල්‍යමය ආධාරයන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින සිදුකරනු ලැබීය.
13th December 2023 21:03:38 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 15 සංවත්සර දිනය වෙනුවෙන් ඔඩ්ඩුසුඩාන් විද්යාපුර ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබීය.
12th December 2023 18:42:35 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් දඹුලුහල්මිල්ලෑව වැවේ ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දුවීමක් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වු දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු කළහ.
12th December 2023 18:25:53 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් සහ ඇසේ සුද ඉවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 9 දින පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
12th December 2023 09:01:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් 2023 දෙසැම්බර් මස 11 දින උඩුවර, හාලිඇල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
10th December 2023 18:55:54 පැය
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස 7 දින නුවරඑළිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කඩිනමින් පියවර ගනු ලැබීය.
09th December 2023 20:03:32 පැය
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක් තුළ පස් කන්දක් කඩාවැටීමෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි කම්කරුවන් තිදෙනෙකු පස් කන්දට යට වූ අතර ඔවුන් බේරාගැනීම සඳහා 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින පස්වරුවේ සිය දායකත්වය ලබාදුන්හ.
09th December 2023 20:01:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 06) දින යාපනය, වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි කලවානි පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් 28 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ කලවානි ප්‍රජා මධ්‍යස්ථානය වෙත පුටු 30 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
08th December 2023 18:48:25 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.