07th December 2023 19:32:21 පැය
232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගය ඇතිව 2023 වසරේ අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනීසිටීමට නියමිත එම අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා අධ්‍යාපනික සම්මන්ත්රණ මාලාවක් කරදියනාරු, මහා විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.
07th December 2023 19:17:25 පැය
ලෝක පාංශු දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 සහ 523 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් අලිමංකඩ සිට කයිතඩි දක්වා ඒ9 මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.
06th December 2023 20:23:43 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්.එම්.ඒ.බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී ගේ මඟපෙන්වීම මත පැරණි 593 පාබල බලසේනා පරිශ්‍රයේදී ජංගම අක්ෂි සායන කඳවුරක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකු සහභාගී වූහ.
06th December 2023 20:20:10 පැය
4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන සංවත්සර දිනය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ඒකක පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
06th December 2023 20:10:00 පැය
කතරගම පුදබිමේ වාර්ෂිකව පවත්වනු ලබන කාති මංගල්‍යය පැවැත්වීම සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින සිය දායකත්වය ලබාදුන්හ.
06th December 2023 20:07:06 පැය
68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (2023 දෙසැම්බර් මස 4) දින එම සේනාංකයේ 14 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
05th December 2023 10:47:05 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 111 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙක් සහ සෙසුනිලයන් 34 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ පිහිටි හන්තාන කඳුවැටියේ සංචාරයක නිරතව සිටියදී අතරමං වූ උපාධි අපේක්ෂකයින් 183 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොයා පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.
04th December 2023 19:33:57 පැය
හමුදා - සිවිල් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ ක්‍රීඩා සමාජ සහභාගීත්වයෙන් සුහද පාපන්දු තරඟාවලියක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින 51 පාබල සේනාංක ‘CIMIC’ උද්‍යාන ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලදී.
04th December 2023 19:29:24 පැය
උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක පොල් පැළ වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි අන්තෝනියාපුරම්, ඉලුප්පුකඩවෙයි, තොඩ්ඩවේල්, වෙඩිතලතිව්, සන්නාර්, පෙරියමඩු, පාලිආරු, තේවම්පිඩ්ඩි, අඩම්පන්, පරප්පකන්ඩාල්, වට්ටකන්ඩාල්, කාත්තන්කුලම්, නානට්ටන්, අරිප්පු, මාන්තෙයි සහ ආන්දන්කුලම් ප්‍රදේශයන්හි ජීවත් වන වැසියන් වෙනුවෙන් පොල් පැළ 325 ක් බෙදාදුන්හ.
04th December 2023 19:25:54 පැය
මන්නාරම දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගය මැඬපැවැත්වීමේ අරමුණින් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින 541 පාබල බලසේනාව, 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හා 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ ස්ථාපිත රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.